ඩෙරෙක් ප්‍රින්ස් සේවය සම්බන්ධයෙන්

ලොව පුරා සහ දවස පුරා, ඩෙරෙක් ප්‍රින්ස්ගේ සේවය, බයිබලානුකුල සත්‍යය උදෙසා මංමුලා සහගත අවශ්‍යතාවයෙන් පෙළෙන ලෝකයක් සමඟ දෙවියන් වහන්සේගේ වචනයේ ජීවිත වෙනස් කරන කිරීමේ බලය බෙදා ගනිමින් බයිබලය උගන්වයි.

අන්තර්ගතය

(අදාළ ස්ථානයට පිවිසීමට කිරීමට ක්ලික් කරන්න)

අප කවුරුන්ද යන්න

මනුෂ්‍යයින්ට යේසුස්වහන්සේව මුණගැසුණු විට ජීවිත වෙනස් වන බව ඩෙරෙක් ප්‍රින්ස් සේවය විශ්වාස කරයි. ගෝලත්වය පුහුණුව සහ දේවවචනය පිළිබඳ මනා අධ්‍යාපනයක් තුළින්, අපි මනස පෝෂණය කරමු, හදවත ධෛර්යමත් කරමු, එම හමුවීමේ පූර්ණත්වය තුළ ජීවත් වීමට ඇදහිලිවන්තයන්ගේ හස්තය ඉදිරියට ගෙනෙමු.

පිළිගත් ජාත්‍යන්තර බයිබල් ගුරුවරයෙකු වන ඩෙරෙක් ප්‍රින්ස්ගේ උරුමය සහ නාමය වන්නේ, සේවා සම්පත් සභාවන්, මිෂනාරිවරුන්, ක්‍රිස්තියානි අධ්‍යාපනඥයින් සහ ලොව පුරා සිටින මිලියන ගණනක් වන ඇදහිලිවන්තයන් ය. ජාතීන් 45කට පුරාවට මහාද්වීප හයක් පුරා පැතිර ඇති පිටත බැහැදැකීම් කාර්යාල 45කට අධික සංඛ්‍යාවක් සමඟින්, ඩෙරෙක් ප්‍රින්ස්ගේ සේවය මතත් ක්‍රිස්තුස් වහන්සේට ගෝලයන් සෑදීමට ගෝලයන් සන්නද්ධ කිරීමට අපගේ උත්සාහය මතත් හිරු බැස යාමක් නොමැතිය.

අපගේ මෙහෙයුම

අපගේ කාර්යභාරය

සෑම දිනකම අපි බයිබලය උගන්වන අතර ඇදහිලිවන්තයන්ව ඇදහිල්ලේත්, ප්‍රඥාවේත් එසේම සත්‍යයේත් ඇති පූර්ණත්වය තුළ යේසුස්වහන්සේව අනුගමනය කිරීමට සන්නද්ධ කරන්නෙමු.

ඩෙරෙක් ප්‍රින්ස්ගේ සදාකල් කාලීන වන ඉගැන්වීම් හරහා, අපි ඔවුන්ගේ කිතුනු ගමනේ සෑම අදියරකදීම සහ පියවරකදීම ඇදහිලිවන්තයන්ට ගෝලත්ව සේවය සළසන්නෙමු. අපගේ ක්‍රිස්තු-කේන්ද්‍රගත වූ ප්‍රදේශීය කාර්යාල ක්‍රිස්තියානි ගෝලත්වයේ ඉදිරියෙන්ම ක්‍රියාත්මක වන අතර, එය සැබෑ වෙනසක් ඇති කරන්නාවූ පුළුල් සේවාවන් සහ සම්පත් සමඟින් ආත්මික කුසගින්න සමඟ සටන් කරයි. මෙයට ඇතුළත් වන්නේ:

පුහුණුකාර නායකයන්:

ප්‍රදේශයේ සභා නායකයන් සහ දේවගැතිවරුන් සමඟ හවුල් වෙමින්, අපි බිම් මට්ටමේ සිට ඇරඹෙන්නාවූ සේවාවන් ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය සම්පත් සහ අධ්‍යාපනික අමුද්‍රව්‍ය සපයන්නෙමු.

අධ්‍යාපනික සම්පත්:

අපගේ සම්පත් මුද්‍රණ, වීඩියෝ, ශ්‍රව්‍ය මාධ්‍යවලින් සහ ඔන්ලයින් මාර්ගවලින් පවතී, අපි සෑම තැනකම ඇදහිලිවන්තයන් සන්නද්ධ කිරීම සඳහා අධ්‍යාපනික සම්පත් ප්‍රකාශනය කර බෙදාහරින්නෙමු. අපි නිෂ්පාදනය කරන බොහෝ සම්පත් අප නොමිලයේ බෙදා දෙන්නෙමුව.

පරිවර්තනය

අපගේ මහත් ආශාව වන්නේ මනුෂ්‍යයන්ට ඔවුන්ට තේරුම්ගත හැකි භාෂාවකින් යහපත් බයිබලය මත පදනම් වූ ඉගැන්වීම් වෙත ප්‍රවේශ වීම දැකීමයි.

බයිබල් අධ්‍යන පාඨමාළා

ඇදහිලිවන්තයන් දැනුවත් කිරීමට සහ සන්නද්ධ කිරීමට අපි සහයක සේවා සහ ස්වයං අධ්‍යයන බයිබල් පාඨමාලා රාශියක් සපයන්නෙමු.

උපදේශනය:

අප නිවසේදී, සභාවේදී, පාසලේදී සහ අන්තර්ජාලය තුළ බයිබලය පිළිබඳ ඔවුන්ගේ දැනුම සහ අවබෝධය වර්ධනය කරගැනීමට ඇදහිලිවන්තයන් දිරිමත් කරමින් දේවවචනයේ බලය සහ අධිකාරිය ප්‍රවර්ධනය කරන්නෙමු.

නවෝත්පාදනය:

ඩෙරෙක් ප්‍රින්ස් සේවය නව්‍ය ව්‍යාපෘති සහ මුලපිරීම් හරහා වෙන කවරදාටත් වඩා වැඩි පිරිසක් වෙත ළඟා වෙමින් සිටී. අපගේ ඩිජිටල් අවුට්රීච් සේවය සමාජ මාධ්‍ය, වීඩියෝ, ලිපි, යෙදුම් සහ තවත් දේ හරහා සබැඳිව ඔන්ලයින් ක්‍රමයට සම්බන්ධ වීමට තාක්ෂණය භාවිත කරයි.

ඉතිහාසය

මේ සියල්ල ආරම්භ වූයේ 1971 දී ඩෙරෙක් ප්‍රින්ස් ෆ්ලොරිඩා ප්‍රාන්තයේ ෆෝට් ලෝඩර්ඩේල් හි ඔහුගේ නිවසේ ගරාජයේ කාර්යාලයක් නිල වශයෙන් විවෘත කිරීමත් සමඟ ය. මුලින් ඩෙරෙක් ප්‍රින්ස් ප්‍රකාශන ලෙස හැඳින්වූ එය, 1944 දී සමිඳාණන් වහන්සේ ඔහුට පහත දේ පැවසූ විට මුල් දැරූ සමෘද්ධිමත් බයිබල් ඉගැන්වීමේ සේවයේ ඵලයක් විය

බොහෝ දෙනෙකුට යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුළ පවතින සත්‍යයෙන් ද ඇදහිල්ලෙන් ද ප්‍රේමයෙන් ද ශුද්ධ ලියවිල්ලේ ගුරුවරයෙකු වීමට ඔබ කැඳවනු ලැබ ඇත.

මෙම වදන් ආත්මික කුසගින්නෙන් පෙළෙන අයට පෝෂණය දීමට ඩෙරෙක් ගත් උත්සාහයට අනුබල දුන් අතර, "ස්වයං-අධ්‍යයන බයිබල් පාඨමාලාව" (1969), "සත්‍යය මුදා හැරීම" (1966), "පසුතැවිලි වී විශ්වාස කරන්න" (1966) ඇතුළු තවත් පොත් පෙළක් ලිවීමට සහ ස්වයං-ප්‍රකාශනයන් කිරීමට ඔහුව පෙලඹවූයේය. මෙම මාතෘකා වල සාර්ථකත්වය සහ දෙවියන්වහන්සේගේ විශ්වාසවන්තභාවය පිළිබඳ සාක්ෂියක් වන ඩෙරෙක් ප්‍රින්ස් ප්‍රකාශන දිනෙන් දින ඉහළ යන ඉල්ලුම සමඟ වර්ධනය විය.

1972 වන විට නිෂ්පාදනය සේවයේ එකම සාමාජිකයා ලෙස ඩෙරෙක්ගේ ධාරිතාව ඉක්මවා ගොස් තිබූ අතර හෙතෙම ඩේවිඩ් සෙල්බිට (ඔහුගේ බෑණා) තමන්ට උදව් කරන ලෙස ඉල්ලා ආරාධනා කරන ලදී. ඔවුන් එක්ව, විකාශන ගුවන්විදුලියට සම්බන්ධ වෙමින් සහ නව පොත් ප්‍රකාශයට පත් කරමින්, වර්ධනය වෙමින් පවතින දේවසේවයට මාර්ගයක් සකසා ගත්හ.

1980 දශකය පුරාවට නවසීලන්තය, දකුණු අප්‍රිකාව, ඕස්ට්‍රේලියාව, කැනඩාව, එක්සත් රාජධානිය සහ නෙදර්ලන්තය යන රටවල විදේශ කාර්යාල විවෘත කරන ලද අතර, ශ්‍රාවක ජාතීන්ගේ සිහින ශක්තිමත් විය. එම දශකය අවසන් වන විට, ඩෙරෙක් ලොව පුරා විහිදුණු බයිබල් ඉගැන්වීමේ චාරිකා තුනක් සම්පූර්ණ කර තිබූ අතර, ඔහුගේ ගුවන් විදුලි වැඩසටහන මහාද්වීප හයක් සහ භාෂා දහයක් පුරා පුළුල් ලෙස විකාශනය විය.

1990 දී ඩෙරෙක් ප්‍රින්ස් ප්‍රකාශන නිල වශයෙන් ඩෙරෙක් ප්‍රින්ස් සේවය ලෙස නම් කරන ලදී. නොමිලේ බයිබල් ඉගැන්වීම් ද්‍රව්‍ය බෙදා හැරීම තීව්‍ර වී ඇති අතර, රටවල් 140කට ආසන්න සංඛ්‍යාවකට ඒවා බෙදාහැරීම සිදුවුණි. ඩෙරෙක්ගේ පොත් දැන් භාෂා 50කට වඩා වැඩි ගණනකින් ලබා ගත හැකි විය.

අද වන විට ඩෙරෙක් ප්‍රින්ස් සේවයට ලොව පුරා රටවල් 45කට අධික සංඛ්‍යාවක කාර්යාල ඇති අතර සෑම ජාතියකම, සංස්කෘතියකම සහ භාෂාවකම බයිබලය ඉගැන්වීමට එය මුළු හදවතින්ම කැපවී සිටී. ඔහුගේ දේවසේවයේ වර්ධනය හා සාර්ථකත්වය 1941 දී සමිඳාණන් වහන්සේ ඩෙරෙක්ට පැවසූ පහත අනාවැකිමය වචන මඟින් සත්‍යාපනය විය:

“එය කුඩා දිය පහරක් මෙනි. එම කුඩා දිය පහර ගඟක් බවට පත් වෙයි. ගංගාව මහා ගංගාවක් වනු ඇත. මහා ගංගාව මුහුදක් වනු ඇත. මුහුද බලවත් සාගරයක් බවට පත් වන්නේය, එය ඔබ හරහා වන්නේය. නමුත් එය කෙසේ වන්නේද යන්න, ඔබ නොදැන සිටිය යුතුය. එය ඔබට දැනගත නොහැක, එසේය, ඔබ එය දැන නොගන්නේය”

මෙම වචනයට දෙවියන්වහන්සේ දුන් විශ්වාසවන්තකම නිසා ඩෙරෙක් ප්‍රින්ස්ගේ සේවය අද පවතින තත්ත්වයට පැමිණ ඇති අතර එය දිගටම "බලවත් සාගරයක්" වන මට්ටම දක්වා ඉදිරියට යනු ඇත.

ඩෙරෙක් ප්‍රින්ස්ගේ ලිඛිත, ශ්‍රව්‍ය සහ දෘශ්‍ය සම්පත් වලින් පිරුණු අප සේවය නව පොත් ප්‍රකාශයට පත් කිරීම දිගටම කරගෙන යයි. අප අද වන විට පොත් 100 කට වඩා ප්‍රකාශයට පත් කර ඇති අතර ඒවා භාෂා 100 කට වඩා පරිවර්තනය කර ඇත.

“බයිබලය දෙවියන් වහන්සේගේම වචනයයි. එය සෑම තැනකම සිටින සියලුම මනුෂ්‍යයන්ට දුන් උන්වහන්සේගේ උතුම් ත්‍යාගයයි. ”

ඩෙරෙක් ප්‍රින්ස්

මුල් පිටුව
සම්පත්
+
සම්පත්ගබඩා කරන්නපුවත්ව්‍යාප්තිය
ගැන
+
පරිත්‍යාග කරන්න
සම්බන්ධ වෙන්න
+
අමතන්න
+
අමතන්න
White Facebook iconWhite YouTube iconWhite Instagram iconX iconPinterest icon